කොළඹ, වේල්ල වීදිය පොලිසිය ඉදිරිපිට පිහිටි මහල් ගොඩනැගිල්ලක මීට සුළු මොහොතකට පෙර හදිසි ගින්නක් හටගෙන තිබේ. ගින්න වේගයෙන් පැතිර යාමේ අවදානමක් පවතින බැවින් එය පාලනය කිරීම සඳහා කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව මගින් මේ වන විට ගිනි නිවීම් රථ 10ක් එම ස්ථානයට යොමු කර ඇත.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ හේතුවෙන් ප්‍රදේශයේ රථ වාහන ගමනාගමනයට ද යම් බාධා එල්ල වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වේල්ල වීදිය පොලිසිය සහ ගිනි නිවීම් සේවා බලධාරීන් එක්ව වැඩිදුර විමර්ශන පවත්වයි. ගොඩනැගිල්ල තුළ සිටි පුද්ගලයින් ඉවත් කිරීම සහ අසල පිහිටි අනෙකුත් වෙළඳසැල් වෙත ගින්න පැතිර යාම වැළැක්වීම සඳහා මේ වන විට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බව වාර්තා වේ.














