රත්තරන් කිලෝ 5ක් ලබා දෙන බව පවසා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 18ක (ලක්ෂ 1800ක) මුදලක් වංචා කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු හෙට (12) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අද (11) නියෝග කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු මුහුණ ආවරණය කර අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
කොළඹ හෙට්ටිවීදියේ ව්‍යාපාරිකයෙකු කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, සැකකරුවන් රන් භාණ්ඩ ඇති බව පෙන්වා මුදල් ලබාගෙන භාණ්ඩ ලබා නොදී මෙම දැවැන්ත වංචාව සිදුකර ඇති බවයි. මෙම සිද්ධියට සහය දැක්වූ ගලේවෙල පදිංචි තරුණයින් දෙදෙනෙකු ද මීට පෙර අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර ඇති අතර, සැකකරුවන් තිදෙනාම හෙට (12) දින හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.














