කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකවල සුළු පසුබැස්මක් අද (11) දිනයේ වාර්තා විය. දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 52.26කින් පහළ ගොස් ඒකක 23,011.72ක් ලෙස සටහන් වූ අතර, S&P SL20 දර්ශකය ද ඒකක 19.22කින් පහළ බැස ඒකක 6,300.02ක් ලෙස සටහන් විය.
මිල දර්ශක පහළ ගියද, අද දිනයේ රුපියල් බිලියන 4.92ක ඉහළ ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි. එහිදී දේශීය විකිණුම් රුපියල් බිලියන 4.86ක් ලෙස සටහන් වන විට දේශීය මිලදී ගැනීම් වාර්තා වූයේ රුපියල් බිලියන 4.26ක් ලෙසිනි. මේ අතර විදේශීය ආයෝජකයින් රුපියල් මිලියන 661ක මිලදී ගැනීම් සිදු කර තිබූ අතර, විදේශීය විකිණුම් රුපියල් මිලියන 64කට සීමා විය. ඒ අනුව රුපියල් මිලියන 597ක ශුද්ධ විදේශීය ප්‍රාග්ධන ගලා ඒමක් අද දිනයේ වාර්තා වී තිබේ.














