පවතින රජය සියලු අංශවලින් අසාර්ථක වී ඇති බවත්, විදුලි බිල අඩු කිරීම වැනි ජනතා සහන ලබා දීමට ආණ්ඩුවට නිසි වැඩපිළිවෙළක් නොමැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි. මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ දේශපාලනයට පිවිසි දකුණු ඉන්දීය නළු විජේ සිය තීරණාත්මක මැදිහත්වීමෙන් ජනතාවට සහන සැලසූ ආකාරය ආදර්ශයට ගත යුතු බවයි.
“ආතල් ගත් අයට කියන්නේ පිටිපස්ස හැරිලා බලන්න, දැන් උන් හිටි තැනුත් නෑ” යනුවෙන් සඳහන් කළ ඔහු, තලපති විජේ එක් පෑන් පාරකින් විදුලි බිල අඩු කළ ආකාරය පිළිබඳව උදාහරණ දක්වමින් පෙන්වා දුන්නේ නිවැරදි නායකත්වයක් හරහා ජනතාවට කඩිනම් සහන ලබා දිය හැකි බවයි. ආණ්ඩුව තවදුරටත් අසාර්ථක වෙමින් පවතින බවත්, ජනතාව පීඩාවට පත් කරන තීන්දු වෙනුවට විධිමත් පියවර ගන්නා ලෙසත් ඔහු මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.














