ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දෙමින්, චීනයේ පැවැත්වීමට නියමිත 19 වැනි ආසියානු කනිෂ්ඨ ජිම්නාස්ටික් ශූරතාවලියට සුදුසුකම් ලැබීමට බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයේ සදෙව්මි ශෙහස්නා සමත්ව තිබේ.
පසුගියදා ටොරින්ටන්හි පැවති තේරීම් තරගවලදී ශ්‍රී ලංකා පළමුවැනියා ලෙසත්, කණ්ඩායම නියෝජනය කරන දක්ෂතම ක්‍රීඩිකාව ලෙසත් ඇය මෙම විශිෂ්ට අවස්ථාව දිනා ගත්තාය. පවිකුම් මධුසංඛ මහතාගේ පුහුණුව යටතේ සදෙව්මි සිය පුහුණුවීම් කටයුතු සිදුකරනු ලබයි.
ආසියානු ජිම්නාස්ටික් ශූරතාවලිය ජූනි මස 25 වැනිදා සිට 28 වැනිදා දක්වා චීනයේ සුනි (Zunyi) නගරයේදී පැවැත්වීමට නියමිතයි. ජාත්‍යන්තර තලයේදී ලක් මව බැබළවීමට සූදානම් වන සදෙව්මිට අපගේ උණුසුම් සුබපැතුම්!














