අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳව කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාගෙන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය ඊයේ (11) දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබේ.
මරාගෙන මැරෙන බෝම්බකරුවන් තුන්සියයකට වැඩි පිරිසක් සමාජයේ නිදැල්ලේ සැරිසරන බවටත්, දළදා පෙරහරට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතින බවටත් අප්‍රේල් මස 21 වැනිදා ඔහු කළ ප්‍රකාශය මෙම ප්‍රශ්න කිරීමට හේතු වී ඇත.
මෙම අවස්ථාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ ගම්මන්පිල මහතා සඳහන් කළේ, පොලිසියේ ලේඛනවල මෙම තොරතුරු සඳහන් වී ඇති ස්ථාන සොයා ගැනීමට පොලිසියට සහාය වීමට තමන් පැමිණි බවයි. රජයේ වංචා දූෂණ හෙළිදරව් කිරීම නතර කිරීම සඳහා ආණ්ඩුව මෙවැනි දේ හරහා තමන්ව වෙහෙසට පත් කිරීමට උත්සාහ කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.














