වාරියපොළ පොලිස් වසමට අයත් රඹෑවැව ප්‍රදේශයේදී වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 2026 මැයි 11 වන දින උදෑසන කාලයේදී සිදුකළ මෙම මෙහෙයුමේදී සැකකරු සන්තකයේ තිබූ නීතිවිරෝධී මත්පැන් ලීටර් 84 ක් එනම් බෝතල් 112 ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගැනීමට නිලධාරීන් සමත් විය. අත්අඩංගුවට ගත් සැකකරු රඹෑවැව ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු බව හඳුනාගෙන ඇති අතර ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඔහුව වාරියපොළ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොළ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.














