රතුගල ආදිවාසී නායක දානිගල මහබණ්ඩලාගේ සුදාවන්නිලා ඇත්තන්ගේ අභාවයෙන් පසු, එම වරිගයේ නව නායකයා ලෙස පත් වූ නිශාන්ත කුමාර ඇත්තන් පිළිබඳව පළ වූ ඇතැම් වාර්තා නිවැරදි විය යුතු බව වාර්තා වේ.
ඔහු සබරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවෙකු බවට මීට පෙර පළ වූ තොරතුරු ප්‍රමාද දෝෂයකින් සිදු වූවක් බව තහවුරු වී ඇත. නව නායක නිශාන්ත කුමාර ඇත්තන් අ.පො.ස (සාමාන්‍ය පෙළ) දක්වා අධ්‍යාපනය ලබා ඇති අතර, ඔහු වර්තමානයේ පෞද්ගලික ආයතනයක විදුලි කාර්මිකයෙකු ලෙස සේවය කරමින් සිටින අයෙකි.
ආදිවාසී උරුමය ඉදිරියට ගෙන යාම සඳහා නව නායකත්වයේ පත්වීම රතුගල ආදිවාසී ප්‍රජාවට ඉතා වැදගත් සන්ධිස්ථානයක් වන අතර, මෙම තොරතුරු නිවැරදි කිරීම ජනතාවගේ නිසි දැනුම්වත්භාවය සඳහා සිදු කෙරේ.















