බස් රථයකදී හඳුනාගත් පුද්ගලයකු සමඟ ඇති කරගත් ප්‍රේම සබඳතාවක් මත, මවක සහ දියණියක රවටා මත්ද්‍රව්‍ය මිශ්‍ර තැඹිලි පානය කිරීමට දී සිහි නැති කර රුපියල් ලක්ෂ 17කට අධික රන් ආභරණ කොල්ලකෑමේ පුවතක් කැකිරාව ප්‍රදේශයෙන් වාර්තා වේ. සීගිරිය, කිඹිස්ස ප්‍රදේශයේ පදිංචි පිරිසක් මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත.
අදාළ තරුණයා තමන්ගේ මව සහ සහෝදරිය බව පවසමින් තවත් කාන්තාවන් දෙදෙනෙකු ද දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් මෙම තරුණියගේ විශ්වාසය දිනාගෙන තිබේ. පසුව පෙම්වතියගේ මවගේ රෝගී තත්ත්වයකට “තැඹිලි සාත්තුවක්” කරන බව පවසා ඔවුන්ව කැකිරාව ප්‍රදේශයේ උද්‍යානයකට කැඳවා ඇත. එහිදී ලබා දුන් තැඹිලි පානය කළ මව සහ දියණිය සිහිසුන් වී ඇති අතර, පියවි සිහිය ලැබෙන විට ඔවුන් රෝහල් ගත කර සිටි බව පොලිසිය පවසයි.
තරුණිය පවසා සිටින්නේ තමන් පැළඳ සිටි රන් මාලයක්, පෙන්ඩනයක්, වළල්ලක්, මුදු තුනක් සහ කරාබු ජෝඩුවක් ඇතුළු ලක්ෂ 14කට අධික රන් ආභරණ අතුරුදන්ව ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, නාඳුනන පුද්ගලයන් සමඟ මෙවැනි සමීප සබඳතා පැවැත්වීමේදී වඩාත් අවධානයෙන් පසුවන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.














