මාතලේ විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ආරම්භ විය. දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සහ ජනතා සුභසාධනය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කිරීමට නියමිතය.
‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් විනාශ වූ ජීවිත හා දේපළ සඳහා වන්දි ගෙවීමේ ක්‍රියාවලිය සහ ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරේ. එසේම මාතලේ නගර සංවර්ධන සැලැස්ම සහ 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය ද විමසා බැලීමට නියමිතය.
මීට අමතරව, “රටම එකට” මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳව ද ජනාධිපතිවරයා ප්‍රමුඛ නිලධාරීන්ගේ අවධානය යොමු වනු ඇත.














