කොළඹ දිස්ත්‍රික්කයේ කොට්ටාව නගර මධ්‍යයේ පිහිටි වටිනා ඉඩම් කොටසක් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් යොදා ගැනීමට රජය තීරණය කර තිබේ. මහරගම නගර සභා සීමාවට අයත් හයිලෙවල් ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි අක්කර එකකට අධික මෙම ඉඩම් කොටස, රජයේ ඉඩම් ආඥාපනත යටතේ දැනටමත් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා දී ඇත.
අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුවක නිර්දේශය පරිදි, මෙම ඉඩම වසර 99ක දිගුකාලීන බදු පදනම මත සුදුසු ආයෝජකයෙකු වෙත ලබා දීමට නියමිතය. රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට අනුකූලව, විනිවිදභාවයකින් යුතුව ආයෝජන යෝජනා කැඳවීම සඳහා ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මෙම ව්‍යාපෘතිය හරහා කොට්ටාව නගරයේ යටිතල පහසුකම් තවදුරටත් නවීකරණය වීම සහ ආර්ථික ක්‍රියාකාරකම් පුළුල් වීම අපේක්ෂා කෙරේ.














