ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් ක්‍රියාකාරී මට්ටමේ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම පද්ධතිය ඉදිරි දින කිහිපය තුළ දිවයිනට ආසන්නව උතුරු දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙහි බලපෑම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක දැනට පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය ඉදිරියටත් පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.
විශේෂයෙන්ම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යා හැකි බැවින් සහ තද වැසි ඇතිවිය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව විමසිලිමත් විය යුතු බවට ද උපදෙස් නිකුත් කර ඇත. ඉදිරි පැය කිහිපය තුළ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන නිවේදන කෙරෙහි අවධානය යොමු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.














