තමිල්නාඩුවේ 17 වන මහ ඇමතිවරයා ලෙස පත් වූ සී. ජෝසප් විජේ මහතා, තම මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් එක් කළ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සිය ස්තූතිය පළ කර තිබේ. සිය X ගිණුම හරහා විශේෂ සටහනක් තබමින් විජේ මහතා සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයාගෙන් ලැබුණු එම සුබ පැතුම් පිළිබඳ තමා බෙහෙවින් ගෞරවයට පත්වන බවයි. “ශ්‍රී ලංකා ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මහතාගෙන් ලැබුණු සුබ පැතුම් පිළිබඳ ගෞරවයට පත්වෙමි, ඔබගේ උතුම් අභිනයට ස්තූතියි” යනුවෙන් ඔහු එම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ. සී. ජෝසප් විජේ මහතා පසුගිය මැයි 10 වැනිදා තමිල්නාඩු මහ ඇමතිවරයා ලෙස දිවුරුම් දුන් අතර ඉන් අනතුරුව ජනාධිපතිවරයා ඔහුට සිය සුබ පැතුම් පිරිනමා තිබුණි.














