කඩවත බස් නැවතුම්පොළ කේන්ද්‍ර කරගනිමින් අද (12) ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී අන්තරායකර ඖෂධ සහ මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බස් රියදුරන් සහ රිය සහායකයින් හත්දෙනෙකු අත්අඩංගුවට ගත් බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි. පොදු ප්‍රවාහන සේවයේ නියුතු කාර්ය මණ්ඩල ඉලක්ක කරගනිමින් සිදුකළ මෙම අහඹු පරීක්ෂණයේදී පුද්ගලයන් 148 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී මෙම පිරිස මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තහවුරු වී තිබේ.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ සංකල්පයකට අනුව මාර්ග ආරක්ෂණ සැලැස්ම යටතේ මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙයි. මගී ජනතාවගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම සහ පොදු ප්‍රවාහනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම මෙහි මූලික අරමුණයි. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය ලයනල් මුහන්දිරම්ගේ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් එම ආයතනයේ ජංගම පරීක්ෂණාගාර බස් රථය තුළ මෙම වෛද්‍ය පරීක්ෂණ සිදුකරන ලදී. මත්ද්‍රව්‍ය භාවිත කරමින් මගී ජීවිත අවදානමේ හෙළන රියදුරන්ට එරෙහිව ඉදිරියේදීත් මෙවැනි වැටලීම් දිවයින පුරා දැඩිව ක්‍රියාත්මක කරන බව අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.















