ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්වී අනෙකුත් දේශපාලන කණ්ඩායම් සමඟ එක්ව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු නැවතත් සිය මව් පක්ෂය සමඟ එක්වීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් වන මූලික සාකච්ඡා වට කිහිපයක්ම දැනටමත් පවත්වා අවසන් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පිරිසක්, ඔහුගේ පරාජයෙන් පසු දේශපාලනිකව නිහඬ පිළිවෙතක් අනුගමනය කළහ. දැනට වාර්තා වන පරිදි මෙලෙස යළි පක්ෂය සමඟ එක්වීමට උත්සාහ කරන්නේ එම පිරිස අතර සිටින මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු බව ද අනාවරණය වී ඇත.














