කොළඹ මහ නගර සභාවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් තිදෙනෙකු අද (12) විපක්ෂයෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබේ. කොළඹ නගර සභාවේ අද පැවැති මැයි මාසික රැස්වීමේදී ඔවුන් මෙම තීරණය නිවේදනය කරන ලදී
මොහොමඩ් මන්සිල් මහතා (පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීනව තරග කර ජයගත්)
ඉන්දික සංජීව ලියනගේ මහතා (ස්වාධීනව තරග කර ජයගත්)
සුනන්ද ලියනපතිරණ මහතා (එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී)
මෙහිදී අදහස් දැක්වූ සුනන්ද ලියනපතිරණ මන්ත්‍රීවරයා සඳහන් කළේ තමන් තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන බවයි. කෙසේ වෙතත් රීසා සරුක් මහතා විපක්ෂ නායකයා ලෙස කටයුතු කරන තාක් තමන් ඒකාබද්ධ විපක්ෂය සමඟ කටයුතු නොකර ස්වාධීන වීමට තීරණය කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය.














