ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින ව්‍යුහාත්මක ගැටලු හේතුවෙන් එය නැවත ගොඩනැගිය නොහැකි මට්ටමකට පත්ව ඇති බවත්, ඒ පිළිබඳව මුත්තයියා මුරලිදරන් මීට පෙර පළ කළ අදහස් සම්පූර්ණයෙන්ම සත්‍ය බවත් හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි. ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ වර්තමානයේ ක්‍රීඩකයන් ජිම් (Gym) යාමට දැඩි උනන්දුවක් දක්වන නමුත්, එලෙස ජිම් යන කිසිවෙකුට නිවැරදිව ක්‍රිකට් ක්‍රීඩා කිරීමට නොහැකි වී ඇති බවයි. ජිම් නොයන සෙසු ක්‍රීඩකයන් සාර්ථකව ක්‍රීඩා කරන බව පවසමින් ඔහු වත්මන් ක්‍රීඩකයන්ගේ පුහුණු ක්‍රමවේදයන් ද දැඩි ලෙස ප්‍රශ්න කර සිටියි.














