ගෝලීය වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් අද (12) දිනයේදී නැවත වරක් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 4.00 පමණ වන විට බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 107 සීමාව ඉක්මවා ගොස් තිබුණි. එමෙන්ම WTI බොරතෙල් මිල ද ඩොලර් 101 සීමාව ඉක්මවා ගිය අතර, මෙම මිල ගණන් පෙර දිනයට සාපේක්ෂව සියයට 3ක පමණ කැපී පෙනෙන ඉහළ යාමක් පෙන්නුම් කරයි.
මෙම මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මැදපෙරදිග පවතින උණුසුම් දේශපාලන තත්ත්වයයි. ඉරාන-ඊශ්‍රායල සහ ඇමෙරිකානු යුද්ධය අවසන් කිරීම සඳහා ඇමෙරිකාව ඉදිරිපත් කළ සාම යෝජනාවලියට ඉරානය දැක්වූ ප්‍රතිචාරය පිළිගත නොහැකි බවට ඇමෙරිකානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශය මීට සෘජුව බලපා ඇත. මේ හේතුවෙන් ගෝලීය ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් යළිත් අවිනිශ්චිතතාවයක් සහ ගැටලුකාරී ලකුණු මතුවීම බොරතෙල් මිල ඉහළ යාමට හේතු වී තිබේ.
















