මත්පැන් නිෂ්පාදන සඳහා ආරක්ෂක සලකුණු (Security Features) යෙදීමේ ක්‍රියාවලියට අදාළ දත්ත පද්ධති සහ කළමනාකරණ සේවා සැපයීම සඳහා වසර 05ක කාලසීමාවකට නව සේවා සැපයුම්කරුවෙකු තෝරා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මත්පැන් නිෂ්පාදනවල ආරක්ෂක සලකුණු තැබීම 2018 අංක 26 දරන සුරාබදු (සංශෝධන) පනත යටතේ හඳුන්වා දුන් නීතිමය විධිවිධානයකි. ඒ අනුව 2021 ජනවාරි 03 වන දින සිට ආනයනික විදේශීය මත්පැන් මෙන්ම දේශීයව නිෂ්පාදිත මත්පැන් සඳහා ද මෙම ආරක්ෂක සලකුණු යෙදීම අනිවාර්ය කර ඇත.
දැනට මෙම සේවාව සපයන ආයතනයේ කොන්ත්‍රාත් කාලසීමාව 2027 ජනවාරි 01 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබේ. එම පුරප්පාඩුව පිරවීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය (International Competitive Bidding) යටතේ සුදුසු ආයතනයක් තෝරා ගැනීමට නියමිතය. ඒ සඳහා මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමි විය.














