සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරික්ත මුදල් උපයෝගී කරගනිමින් 2013 වර්ෂයේදී ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව වෙත ලබාදුන් ණය මුදලක් මෙතෙක් අයකර ගැනීමට නොහැකි වී ඇති බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) මගින් අනාවරණය කර තිබේ. මෙම නිසි කළමනාකරණයකින් තොරව සිදුකළ ගනුදෙනුව හේතුවෙන් රජයට රුපියල් කෝටි 17ක දැවැන්ත මූල්‍ය පාඩුවක් සිදුව ඇති බව එම කාරක සභාව පෙන්වා දෙයි. වසර දහයකට අධික කාලයක් ගතවී ඇතත් මෙම මුදල අයකර ගැනීමට අපොහොසත් වීම පිළිබඳව එහිදී දැඩි අවධානය යොමු වී ඇත.















