සිරහදෝගම පොලිස් වසමට අයත් පහළවැව යෝධ ඇළ අතුරු මාර්ගයේදී 2026.05.12 වන දින සවස් කාලයේ සිදු වූ රිය අනතුරකින් වයෝවෘද්ධ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. යෝධ ඇළ දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයේ පාගමනින් ගමන් කරමින් සිටි පදිකයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා නෙළුබෑව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වේ.
මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ සිරහදෝගම ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි පුද්ගලයෙකි. අනතුර සම්බන්ධයෙන් යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිරහදෝගම පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු මෙහෙයවනු ලබයි.
















