මෙම වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ ශ්‍රී ලාංකිකයන් දහසකට (1,000) ආසන්න පිරිසකට දකුණු කොරියාවේ රැකියා අවස්ථාවන් හිමිව ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) නිවේදනය කර සිටියි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්තවලට අනුව මෙම පිරිස අතර පිරිමි පුද්ගලයන් 923 දෙනෙකු සහ කාන්තාවන් 76 දෙනෙකු ඇතුළත් වේ. ඔවුන් සඳහා දකුණු කොරියාවේ නිෂ්පාදන, ධීවර, සේවා සහ ඉදිකිරීම් යන ක්ෂේත්‍රයන්හි මෙම රැකියා අවස්ථාවන් විවෘත වී ඇති අතර, මෙය කොරියානු රැකියා සිහිනය සැබෑ කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින තරුණ තරුණියන්ට ඉතා සුබ පණිවිඩයක් වනු නිසැකය.















