‘රටම එකට’ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික මෙහෙයුමට සමගාමීව 2026 වසරේ මුල් මාස හතර තුළ ගාල්ල දිස්ත්‍රික්කයේ රුපියල් මිලියන 696ක වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය වැටලීම් 10,206ක් සිදු කිරීමට පොලීසිය සමත්ව තිබේ. ගාල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති එච්.සී.ඒ. පුෂ්පකුමාර මහතා මේ බව අනාවරණය කළේ ඊයේ (12) පැවති දිස්ත්‍රික් මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් කමිටු රැස්වීමේදීය.
සිදුකරන ලද වැටලීම් සහ මර්දන ක්‍රියාවලියේ සවිස්තරාත්මක තොරතුරු මෙසේය.
මෙම වැටලීම් 10,206 අතර නීතිවිරෝධී මත්පැන් වැටලීම් 3856ක්, හෙරොයින් සම්බන්ධ වැටලීම් 2598ක් සහ අයිස් (Ice) මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් 2184ක් අන්තර්ගත වේ. මීට අමතරව ගංජා වැටලීම් 859ක්, ගෝඩා වැටලීම් 300ක් සහ කුෂ් (Kush) සම්බන්ධ වැටලීම් 28ක් ද සිදු කර ඇත. මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට අමතරව පාසල් දරුවන් වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් 92ක් සහ ප්‍රජා දැනුවත් කිරීම් 939ක් ද දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක කර තිබේ.
දකුණු පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සුසිරිපාල මානවඩු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා අවධාරණය කළේ හමුදා සහයෝගය ද ඇතිව මෙම මර්දන කටයුතු තවදුරටත් පුළුල් කළ යුතු බවයි. මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ආරක්ෂක අංශ සහ රාජ්‍ය නිලධාරීන් සිදුකරන කැපවීම මෙහිදී ඇගයීමට ලක් විය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිශාන්ත සමරවීර, ටී.කේ. ජයසුන්දර, තිලංක යූ. ගමගේ, නිශාන්ත පෙරේරා ඇතුළු මහජන නියෝජිතයන් සහ දකුණු පළාත් ප්‍රධාන ලේකම් චන්දිම මුහන්දිරම්, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ.යූ. චන්ද්‍රලාල් යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.














