බගවන්තලාව පොලිස් වසමට අයත් කර්කස්වෝල් වතුයායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට අද (14) එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ පස් දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ. වතුයායේ ඉහළ කොටසේ පිහිටි ගසක බැඳ තිබූ බඹර කූඩුවකට උකුස්සෙකු පහර දී එය කඩාගෙන යාම හේතුවෙන් බඹරුන් මෙලෙස ඇවිස්සී ඇති බව වාර්තා වේ. බඹර ප්‍රහාරයට ලක්වූ කාන්තාවන් වතුයායට අයත් ගිලන් රථයෙන් රෝහල් ගත කිරීමට පියවර ගත් බව බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ඒ.එස්.කේ. ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.
















