ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සමගාමීව, ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය (VRS) යටතේ විශ්‍රාම යන සේවකයින් 1,898 දෙනෙකු සඳහා රුපියල් බිලියන 8.5ක මූල්‍ය වන්දි පිරිනැමීම හෙට (15) සිදුකිරීමට නියමිතය. විදුලිබල මණ්ඩලය වෙනුවෙන් දීර්ඝකාලීන සේවයක් ඉටුකළ සේවකයින් ඇගයීම සඳහා බලශක්ති අමාත්‍යාංශය විසින් “අභිමානවත් සේවාවක් – සුරක්ෂිත නිමාවක්” යන තේමාව යටතේ මෙම විශේෂ වන්දි පිරිනැමීමේ වැඩසටහන සංවිධානය කර ඇත. මෙම පියවර මණ්ඩලයේ මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණවල වැදගත් පියවරක් ලෙස සැලකේ.
















