ලැට්වියානු මධ්‍ය-දකුණත් පක්ෂයේ අග්‍රාමාත්‍ය එලිකා සිලිනා (Evika Silina) මහත්මිය අද දින සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර තිබේ. ලැට්වියාවේ මීළඟ මහ මැතිවරණය ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබියදී ඇය ගත් මෙම තීරණයත් සමඟ එරට සභාග රජය බිඳ වැටී ඇත. “මම ඉල්ලා අස්වෙනවා, නමුත් මම අත්හරින්නේ නැහැ” යනුවෙන් ඇය රූපවාහිනී ප්‍රකාශයක් කරමින් සඳහන් කර සිටියාය.
රුසියාවේ සිට ලැට්වියාව දෙසට ඉගිලී ආ යුක්‍රේන ඩ්‍රෝන යානා කිහිපයක් සම්බන්ධයෙන් ඇතිවූ සිදුවීම් පාලනය කිරීමට අපොහොසත් වීම හේතුවෙන් පසුගිය සති අන්තයේ එරට ආරක්ෂක අමාත්‍ය ඇන්ඩ්‍රිස් ස්පෘඩ්ස් (Andris Spruds) ධුරයෙන් පහ කිරීමට කටයුතු කරන ලදී. මෙම තීරණයට විරෝධය පළ කරමින් වාමාංශික ප්‍රගතිශීලී පක්ෂය (Progressives party) රජයට ලබාදුන් සහය ඉල්ලා අස්කරගත් අතර, ඒ හේතුවෙන් ඊයේ (බදාදා) වන විට අගමැතිනියට පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමි විය.
නව රජයක් පිහිටුවීම සඳහා ලැට්වියානු ජනාධිපති එඩ්ගාර්ස් රින්කේවික්ස් (Edgars Rinkevics) හෙට (සිකුරාදා) සියලුම පාර්ලිමේන්තු පක්ෂ හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.














