කොත්මලේ ප්‍රදේශයට බලපා ඇති අධික වර්ෂාපතනයත් සමඟ කොත්මලේ – ගම්පොළ (B 431) ප්‍රධාන මාර්ගයේ පරගම්මන ප්‍රදේශයෙන් නායයෑමේ දැඩි අවදානමක් මතු වී තිබේ. මීට පෙරද නායයෑමට ලක්වූ මෙම ස්ථානයේ මාර්ගය යළිත් ඉරිතලා ඇති බැවින්, මහජන ආරක්ෂාව වෙනුවෙන් අද (14) පෙරවරුවේ සිට එම මාර්ගය තාවකාලිකව වසා දැමීමට කොත්මලේ පොලිසිය පියවර ගෙන ඇත.
අදාළ මාර්ගය වසා දැමීම හේතුවෙන් රියදුරන් සහ මගීන් දැඩි අපහසුතාවයට පත් නොවන ලෙස විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය දැනුම් දී සිටී. විශේෂයෙන්ම කඳුකර ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් රිය ධාවනයේදී වඩාත් විමසිලිමත් වන ලෙසද උපදෙස් ලබා දී ඇත.














