ලබන මැයි 19 වනදා සිට 22 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය නිවේදනය කරයි. නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇති අතර දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සහ මහ බැංකු වාර්ෂික ආර්ථික සමාලෝචනය පිළිබඳ විවාදයන් එහිදී පැවැත්වීමට නියමිතය. එසේම අභාවප්‍රාප්ත වූ හිටපු මන්ත්‍රීවරුන් කිහිපපළක් වෙනුවෙන් ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අවසන් දිනය වෙන් කර ඇත.














