ලබන ජුනි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා වන ඉන්දියානු ‘ඒ’ කණ්ඩායම ඉන්දීය පිරිමි තේරීම් කමිටුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම තරගාවලිය සඳහා සත්කාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමගින් ඉන්දියා ‘ඒ’ සහ ඇෆ්ගනිස්ථාන ‘ඒ’ කණ්ඩායම් තරග වැදීමට නියමිතය.
සීමිත පන්දුවාර තුන්කොන් තරගාවලිය දඹුල්ලේදී පැවැත්වෙන අතර ඉන් අනතුරුව ඉන්දියා ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සිව්දින තරග දෙකක් ගාල්ලේදී පැවැත්වීමට සැලසුම් කර ඇත. සිව්දින තරග සඳහා වන සංචිතය ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කරයි.
නම් කරන ලද එක්දින සංචිතයේ නායකත්වය තිලක් වර්මා හට හිමිව ඇති අතර රියෑන් පරාග් උප නායකයා ලෙස කටයුතු කරයි. සංචිතයට ඇතුළත් සෙසු ක්‍රීඩකයින් වන්නේ ප්‍රියන්ෂ් ආර්යා, වයිභව් සූර්යවන්ෂි, ආයුෂ් බඩෝනි, නිෂාන්ත් සින්දු, හර්ෂ් ඩුබේ, සූර්යන්ෂ් ෂෙඩ්ගේ, ප්‍රභ්සිම්රන් සිං, කුමාර් කුෂාග්‍රා, විප්‍රාජ් නිගම්, යෂ් තාකූර්, යුධ්වීර් සිං, අන්ෂුල් කාම්බෝජ් සහ අර්ෂද් ඛාන් ය.














