තමිල්නාඩුවේ නව මහ ඇමති ලෙස තේරී පත් වූ සී. ජෝසප් විජේ මහතා වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෞද්ගලිකව සුබ පැතුම් පිරිනැමීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සිය විවේචනය එල්ල කර තිබේ. රාජ්‍ය නායකයෙකු වශයෙන් මෙවැනි සුබ පැතුම් පණිවිඩ පිරිනැමිය යුත්තේ තවත් රාජ්‍ය නායකයෙකුට මිස විදේශීය ප්‍රාන්ත හෝ පළාත් නායකයින්ට නොවන බව එම පක්ෂය පෙන්වා දෙයි.
තමිල්නාඩු මහ ඇමතිවරයාට පෞද්ගලිකව සුබ පැතූ ජනාධිපතිවරයා, බටහිර බෙංගාලයේ නව මහ ඇමති සුවේන්දු අධිකාරි හෝ ඇසෑමයේ මහ ඇමති හිමන්ත බිස්වා සර්මා යන මහත්වරුන් වෙත එවැනිම සුබ පැතුම් පණිවිඩයක් යොමු කිරීමට පියවර නොගත්තේ මන්දැයි එක්සත් ජාතික පක්ෂය වැඩිදුරටත් ප්‍රශ්න කර සිටී.














