මේ වසර අවසානයේදී ප්‍රබලතම එල්නිනෝ දේශගුණික සංසිද්ධියක් නැවත ඇතිවනු ඇතැයි පරිසර විද්‍යාඥයෝ අපේක්ෂා කරති. එල්නිනෝ යනු නැගෙනහිර මධ්‍යම නිවර්තන පැසිපික් සාගර ජලය උණුසුම් වීමක් වන අතර, මෙමගින් 1977 වසරේදී මෙන් ලොව පුරා විශාල ව්‍යසනයක් ඇති කළ හැකි බවට වාර්තා පළවී තිබේ.
1877 සිට 1878 දක්වා කාලයේ ඇති වූ එල්නිනෝ තත්ත්වය හේතුවෙන් මිලියන පනහකට අධික ජනතාවක් මියගිය බව ඉතිහාසයේ සඳහන් වේ. එවැනි තත්ත්වයක් වර්තමානයේදී ඇති වුවහොත් එම මරණ සංඛ්‍යාව අවම වශයෙන් මිලියන 250ක් පමණ වනු ඇති බවට වොෂින්ටන් පෝස්ට් පුවත්පත අනතුරු අඟවා ඇත.














