හැටන් අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල් සඳහා හෙට (15) දින නිවාඩු ලබාදීමට තීරණය කළ බව මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයා නිවේදනය කළේය. හැටන් අධ්‍යාපන කලාපයට අයත් ප්‍රදේශයන්හි පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත. සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම පියවර ගත් බව මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.














