ලබන ජුනි 11 වනදා ඇමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවලදී ආරම්භ වන පාපන්දු ලෝක කුසලානයට සහභාගී වීමට නියමිත ඉරාන ක්‍රීඩකයින්ට මෙතෙක් වීසා බලපත්‍ර නිකුත් කර නොමැති බව ඉරාන පාපන්දු සම්මේලනයේ සභාපති මෙහ්දි තාජ් පවසයි. දෙරට අතර පවතින උණුසුම් වාතාවරණය මධ්‍යයේ වුවද ඉරාන කණ්ඩායමට සුබපැතීම සඳහා පසුගිය බදාදා ටෙහෙරාන් නුවරදී දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වයෙන් උත්සවයක් ද පවත්වා තිබුණි.
මෙම අර්බුදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිත අතර, මීට පෙර කැනඩාවට පැමිණි ඉරාන නියෝජිත පිරිසට එරට දේශසීමාවේදී අගෞරවනීය ලෙස සැලකීම හේතුවෙන් ඔවුන් ආපසු හැරී ගොස් තිබේ. ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) සමඟ සබඳතා පැවැත්වීම මත සභාපතිවරයාගේ වීසා බලපත්‍රය අවලංගු කළ බව කැනඩා බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඉරාන පාපන්දු සම්මේලනය ලෝක කුසලානයට සහභාගී වීම සඳහා කොන්දේසි 10ක් ඉදිරිපත් කර ඇති අතර, IRGC යටතේ හමුදා සේවය සම්පූර්ණ කළ ක්‍රීඩකයින්ට සහ නිලධාරීන්ට වීසා ලබාදීම ඉන් ප්‍රධාන වේ. ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සඳහන් කර ඇත්තේ ක්‍රීඩකයින්ට බාධාවක් නොමැති වුවද, IRGC සමඟ සබඳතා ඇති පුද්ගලයින්ට ඇතුළුවීමේ සීමා පැනවිය හැකි බවයි. ඉරානය සිය මූලික වටයේ තරඟ ජුනි 15, 21 සහ 26 යන දිනවල පිළිවෙළින් නවසීලන්තය, බෙල්ජියම සහ ඊජිප්තුව සමඟ ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.
















