කවුරුන් හෝ වැරදි කර ඇත්නම් තරාතිරම නොබලා ඔවුන් සිවුරෙන් ඉවත් කළ යුතු බවත්, ශාසන සංශෝධන සඳහා සංගායනාවක් අවශ්‍ය බවත් රාමාඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත නාහිමියෝ පවසති. ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ සඳහන් කළේ සංඝාධිකරණයට රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා මහානාහිමිවරුන් ඉක්මනින් ක්‍රියාත්මක විය යුතු බවයි.
පසුගිය දිනවල ශ්‍රී ලංකා භික්ෂු සමාජයේ සිදුවූ ඛේදජනක සිද්ධීන් කිහිපයක් මුල් කරගෙන සමස්ත භික්ෂු සමාජයටම අපහාස කිරීම වැරදි බව පෙන්වා දුන් උන්වහන්සේ, එක් අයෙකු හෝ දෙදෙනෙකු කරන වැරදිවලට සමස්ත භික්ෂු සමාජයම වගකිවයුතු නැති බව අවධාරණය කළහ. මහානාහිමිවරුන් මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව රජයට යෝජනා ඉදිරිපත් කර ඇති බැවින්, දැන් කළ යුත්තේ වැරදි කරන අයට එරෙහිව ධර්මානුකූලව එම පියවර ක්‍රියාත්මක කිරීම බව ද සෝභිත හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
















