අතුරුගිරිය පොලිස් වසමේ මුල්ගම ප්‍රදේශයේදී ඊයේ (14) උදෑසන සිදුකළ වැටලීමකදී රජයේ බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ. එහිදී තිබී මත්පැන් පෙරීමට සූදානම් කර තිබූ ගෝඩා ලීටර් 1509ක් (බැරල් 08ක්) සහ නිෂ්පාදනය කර තිබූ නීතිවිරෝධී මත්පැන් ලීටර් 15ක් අතුරුගිරිය පොලිස් නිලධාරීන් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, අතුරුගිරිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
















