අද (15) පෙරවරු 8.30න් අවසන් වූ පසුගිය පැය 24 ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මිලිමීටර් 142.0 ක් ලෙස සටහන් වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව ගම්පහ දිස්ත්‍රික්කයේම කිරිඳිවැල ප්‍රදේශයෙන් මිලිමීටර් 108.0 ක ද, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාලිබොඩ ප්‍රදේශයෙන් මිලිමීටර් 104.0 ක ද සහ කොළඹ දිස්ත්‍රික්කයේ අවිස්සාවේල්ල පෙන්රිත් වතුයායෙන් මිලිමීටර් 100.5 ක ද වශයෙන් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි වාර්තා වී තිබේ.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ අද දිනයේ ද බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලටත්, අනුරාධපුරය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් ගිගුරුම් සහිත තද වැසි ඇතිවිය හැකි බවට පුරෝකථනය කර ඇත. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි අතර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකිය. මීට අමතරව ඌව සහ නැගෙනහිර පළාත්වල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.














