ශ්‍රී ලංකාව සඳහා BYD හි බලයලත් බෙදාහරින්නා වන ජෝන් කීල්ස් CG ඔටෝ (JKCG Auto), වසරක් වැනි කෙටි කාලයක් තුළ වාහන සේවා වාර 20,000ක් සාර්ථකව සම්පූර්ණ කිරීමේ සුවිශේෂී සන්ධිස්ථානයක් පසුගියදා සමරනු ලැබීය. දැනට ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වන නව විද්‍යුත් වාහනවලින් (EV) 70%කට වැඩි ප්‍රමාණයක් BYD සතු කරගෙන ඇති අතර, එම ඉල්ලුමට සරිලන පරිදි කොළඹ, වත්තල, මහනුවර, ගාල්ල, කුරුණෑගල සහ අම්පාර යන නගර ආවරණය වන පරිදි සිය සේවා ජාලය පුළුල් කිරීමට JKCG Auto කටයුතු කර ඇත. සීදූව ප්‍රදේශයේ පිහිටි මෙරට විශාලතම බොඩි ෂොප් (Body Shop) පහසුකම සහ දිවයින පුරා ස්ථාපිත කර ඇති වේගවත් ආරෝපණ මධ්‍යස්ථාන (Fast Chargers) 43ක් හරහා සිය පාරිභෝගිකයින්ට විශිෂ්ට සේවාවක් සැපයීමට සමාගම කැපවී සිටියි.















