මත්පැන් බෝතල්වල අලවන ආරක්ෂක සලකුණු මුද්‍රණය කිරීමේ ටෙන්ඩරය, ජාත්‍යන්තර අත්දැකීම් හෝ සුදුසුකම් නොමැති සමාගමකට ලබා දීමට මුදල් අමාත්‍යාංශය සූදානම් වන බවට සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති චෝදනා කරයි. මීට පෙර සිදුවූ ගල් අඟුරු ටෙන්ඩර් වංචාවට සමාන අයුරින් මෙම ක්‍රියාවලිය ද සිදු වීමට යන බවට එම නියෝජිතයෝ සැක පළ කරති. අදාළ ප්‍රසම්පාදන නිර්ණායක සකස් කිරීමේදී කිසියම් පාර්ශවයකට වාසි වන අයුරින් කටයුතු කර ඇති බවත්, මින් රජයට විශාල ආදායමක් අහිමි වීමේ අවදානමක් පවතින බවත් වෘත්තීය සමිති වැඩිදුරටත් පෙන්වා දෙයි.














