ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (15) යළිත් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. නවතම දත්තවලට අනුව WTI බොරතෙල් බැරලයක මිල සියයට 1.41ක වර්ධනයක් පෙන්නුම් කරමින් ඇමෙරිකානු ඩොලර් 102.60ක් දක්වා ඉහළ ගොස් ඇත. බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද සියයට 1.21කින් ඉහළ ගොස් ඩොලර් 107.00ක් ලෙස සටහන් වන අතර, මර්බන් (Murban) බොරතෙල් බැරලයක මිල ඩොලර් 104.70ක් දක්වා ඉහළ ගොස් තිබේ. ගෝලීය ඉල්ලුම සහ සැපයුම් දාමයේ පවතින වෙනස්කම් මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත.














