පාදුක්ක, උඩමුල්ල ප්‍රදේශයේ ලඳු කැලෑවක පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොළක් වැටලීමට පාදුක්ක පොලීසිය සමත්ව තිබේ. මුදල් ඔට්ටුවට “කැට ගැසීමේ” නිරතව සිටි කාන්තාවන් 08 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 07 දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.
දීර්ඝ කාලයක සිට පවත්වාගෙන ගිය මෙම සූදු පොළ වැටලීමට පොලීසිය මීට පෙර අවස්ථා කිහිපයකදීම උත්සාහ කළද, ප්‍රදේශයේ තැරැව්කරුවන් හරහා තොරතුරු කාන්දු වීම නිසා එය ව්‍යර්ථ වී තිබුණි. මෙම ස්ථානයට අතුරුගිරිය, හෝමාගම, ඉංගිරිය, ගෝනපොල සහ කපුගල යන ප්‍රදේශවලින් පිරිස් පැමිණ ඇති බව අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් අද (15) හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














