පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) විසින් දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර ඇත. මේ අනුව කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කුරුණෑගල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26ක් සඳහා අදියර 2 යටතේ ‘අවධානයෙන් සිටින්න’ යනුවෙන් නිවේදන නිකුත් කර තිබේ. එමෙන්ම බදුල්ල, ගම්පහ, කෑගල්ල, මාතලේ, මාතර, මොනරාගල සහ නුවරඑළිය ඇතුළු දිස්ත්‍රික්ක 13ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 41ක් සඳහා අදියර 1 යටතේ ‘විමසිලිමත්ව සිටින්න’ යනුවෙන් දන්වා ඇත.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසා සිටියේ කඳු ආශ්‍රිත ප්‍රදේශවල පදිංචි ජනතාව සහ එම මාර්ගවල ගමන් ගන්නා පිරිස් නායයෑම් පූර්ව ලක්ෂණ පිළිබඳව දැඩි සැලකිල්ලකින් පසුවිය යුතු බවයි. විශේෂයෙන් පස් කඩාවැටීම්, ගස් ඇලවීම් සහ පොළොවේ ඇතිවන පැලුම් වැනි ලක්ෂණ නිරීක්ෂණය වන්නේ නම් වහාම ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවට උපදෙස් දෙනු ලැබේ.














