විල්ගමුව, මොරගහ උල්පත ප්රදේශයෙන් අතිශය සංවේදී පුවතක් වාර්තා වන අතර එහිදී වන අලි ප්රහාරයකට ලක්වීමෙන් පියෙකු සහ දියණියක අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇති පියා 57 හැවිරිදි වියේ පසුවන්නෙකු වන අතර ඔහුගේ දියණිය 25 හැවිරිදි වියේ පසුවූ තරුණියකි.
මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇත්තේ පියා විසින් සිය දියණිය ඇයගේ සේවා ස්ථානය වෙත යතුරුපැදියකින් රැගෙන යමින් සිටියදීය. මොරගහ උල්පත ප්රදේශයේ මාර්ගයක ගමන් කරමින් සිටියදී හදිසියේම එල්ල වූ මෙම වන අලි ප්රහාරයෙන් ඔවුන් දෙදෙනාම එම ස්ථානයේදීම මියගොස් ඇති බව වාර්තා වේ. ප්රදේශයේ පවතින වන අලි තර්ජනය හමුවේ මෙවැනි දරුණු අනතුරු වළක්වා ගැනීමට බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමු විය යුතු බව ප්රදේශවාසීහු පවසති.
















