ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වඩාත් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් මෙරට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ බෙලරුස් රාජ්‍යයේ සෞඛ්‍ය අමාත්‍ය ඇලෙක්සැන්ඩර් කජායෙව් මහතා අතර සුවිශේෂී හමුවක් බෙලරුස්හිදී පවත්වා තිබේ. මෙම සාකච්ඡාවේදී දෙරට අතර සෞඛ්‍ය සේවාවන් ඉහළ නැංවීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස දෙරට අතර නව අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තබා ඇත. මෙම නව සබඳතාවය හරහා මෙරට සෞඛ්‍ය පද්ධතියේ ගුණාත්මකභාවය සහ සහයෝගීතාවය තවදුරටත් පුළුල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














