තෙදින නිල සංචාරයක් සඳහා චීනයට පැමිණි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිය සංචාරය සාර්ථකව නිම කරමින් අද පස්වරුවේ බෙයිජිං නුවරින් පිටත්ව ගියේය. මෙම සංචාරය අවසානයේ බෙයිජිං නුවරදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සමඟ පැවැත්වූ සුහද සාකච්ඡාවලදී දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ උපායමාර්ගික සබඳතා නව මානයකට රැගෙන යාමට අවශ්‍ය එකඟතාවන් රැසකට එළඹ තිබේ. චීන ජනාධිපතිවරයා මෙය හඳුන්වා දුන්නේ දෙරටේ අන්‍යෝන්‍ය විශ්වාසය ගැඹුරු කරන සන්ධිස්ථානීය සංචාරයක් ලෙස වන අතර, ජනාධිපති ට්‍රම්ප් මහතා ප්‍රකාශ කළේ මෙය ලෝකයටම ප්‍රතිලාභ අත්කර දෙන අතිශය සාර්ථක සංචාරයක් වූ බවයි. විශේෂයෙන්ම ෂී ජින් පිං මහතා තම සමීප මිතුරෙකු බවත්, ඉදිරියේදී වොෂින්ටන් නුවරදී චීන ජනාධිපතිවරයා පිළිගැනීමට තමන් බලාපොරොත්තු වන බවත් පවසමින් අමෙරිකානු ජනාධිපතිවරයා දෙරට අතර පවතින සබඳතාවයේ ශක්තිමත් බව යළිත් තහවුරු කළේය.














