ශ්‍රී ලංකාව ඉදිරි මැතිවරණයක් සඳහා සූදානම් විය යුතු බව පවසමින් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ පමා වෙමින් පවතින පළාත් සභා මැතිවරණය මෙම වසර ඇතුළත අනිවාර්යයෙන්ම පවත්වන බවයි. මැතිවරණය පවත්වන නිශ්චිත කාලසීමාව පිළිබඳව මේ මොහොතේ නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි වුවද, රජය මැතිවරණය පැවැත්වීමේ ස්ථාවරයේ පසුවන බවත්, මැතිවරණය ප්‍රමාද වන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














