ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සේවා සපයන ආයතනයක් සඳහා සිදුකළ ගෙවීමකදී තවත් මූල්‍ය ගනුදෙනු දෝෂයක් සිදුව ඇති බව වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අරුණ කරුණාතිලක මහතා තහවුරු කරයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාම් 74,000ක මුදලකට අදාළව මෙම දෝෂ සහිත ගනුදෙනුව සිදුව තිබේ.
අමාත්‍යවරයා සඳහන් කළේ මෙම වැරදි සහගත මූල්‍ය ගනුදෙනුව මෙවසරේ පෙබරවාරි මාසයේදී සිදුව ඇති බවයි. රජයේ ආයතන ආශ්‍රිතව මෑතකාලීනව වාර්තා වූ මූල්‍ය දෝෂයන් පිළිබඳව අවධානය යොමුව ඇති පසුබිමක, මෙම සිදුවීම සම්බන්ධයෙන් ද මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














