නව ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ඉතා ඉක්මනින් එළිදැක්වීමට නියමිත බවත්, මාධ්‍යවේදීන්ට නිදහසේ වාර්තාකරණයේ යෙදීමට අවශ්‍ය පසුබිම සලසා ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය ප්‍රකාශ කළාය.
කොළඹ දිස්ත්‍රික්කයේ පාසල්වල මාධ්‍ය හා සන්නිවේදන අධ්‍යයනය විෂය භාර ගුරුවරුන් දැනුවත් කිරීම සඳහා මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණි. කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය එක්ව මෙය සංවිධානය කර ඇති අතර, වැඩමුළුව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වනු ලැබීය.
නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ජනක කුමාර, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර සහ ජනාධිපති මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.














