යුරෝපා සංගමයට අයත් නොවන රටවල සේවකයන් සඳහා වීසා නිකුත් කිරීම නතර කිරීමට හංගේරියාවේ නව රජය ගෙන ඇති තීරණය හේතුවෙන් එරට ව්‍යාපාරික ප්‍රජාව දැඩි කනස්සල්ලට පත්ව සිටිනවා. අග්‍රාමාත්‍ය පීටර් මැග්යාර් (Peter Magyar) මහතාගේ නායකත්වයෙන් යුත් නව රජය ලබන මාසයේ සිට මෙම තහනම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
හංගේරියානු සේවකයන්ගේ රැකියා සුරක්ෂිත කිරීම සහ වැටුප් මට්ටම් පහත වැටීම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බව රජය පවසනවා. කෙසේ වෙතත්, නිෂ්පාදන සහ සේවා වැනි ප්‍රධාන ක්ෂේත්‍ර රැසක් විදේශීය සේවකයන් මත දැඩි ලෙස යැපෙන බව ව්‍යාපාරික නායකයන් අවධාරණය කරනවා. ඇතැම් සමාගම්වල සේවක මණ්ඩලයෙන් 20%ක් පමණම විදේශිකයන් වන අතර, මෙම තහනම ක්‍රියාත්මක වුවහොත් ඇතැම් නිෂ්පාදන මුර (shifts) සහමුලින්ම නතර කිරීමට සිදුවනු ඇති බවට ඔවුන් අනතුරු අඟවනවා.
හංගේරියාව තුළ දැනට විදේශීය සේවකයන් නියෝජනය කරන්නේ සමස්ත ශ්‍රම බලකායෙන් 2%ක් වැනි සුළු ප්‍රමාණයක් වුවද, ඉදිරි දශකය තුළ දේශීය සේවකයන් විශාල පිරිසක් විශ්‍රාම ගැනීමට නියමිතව සිටිනවා. ජර්මනිය හෝ පෝලන්තය වැනි රටවල් මෙන් හංගේරියාවට යුක්රේන සරණාගතයන්ගෙන් ලැබෙන ශ්‍රම දායකත්වය ද අවම මට්ටමක පවතිනවා. මෙම පසුබිම තුළ විදේශීය සේවකයන් සඳහා පනවන හදිසි වීසා තහනම එරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බව ව්‍යාපාරික අංශ පෙන්වා දෙනවා.














