ගාල්ල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක තුන කේන්ද්‍ර කරගනිමින් “Southern Mist Triangle” (දකුණු මීදුම් ත්‍රිකෝණය) නමින් නව දැවැන්ත සංචාරක කලාපයක් හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ. මෙම නව සංචාරක ව්‍යාපෘතිය පිළිබඳව නිල වශයෙන් දැනුවත් කිරීම සඳහා තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වුණු අතර එහිදී නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් මේ පිළිබඳ කරුණු පැහැදිලි කළහ.
මෙම ව්‍යාපෘතිය හරහා දකුණු සහ සබරගමුව පළාත්වල පවතින ස්වාභාවික සෞන්දර්යය සහ පාරිසරික වටිනාකම් සහිත සංචාරක ස්ථාන ඒකාබද්ධ කරමින් දේශීය හා විදේශීය සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂිතය. විශේෂයෙන්ම කඳුකර පරිසරය සහ මීදුමෙන් බර සුන්දර දර්ශන පදනම් කරගනිමින් සංචාරක කර්මාන්තයේ නව ප්‍රබෝධයක් ඇති කිරීම සහ එම ප්‍රදේශවල ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම මෙහි ප්‍රධාන අරමුණ වේ. ඉදිරි කාලසීමාව තුළ මෙම කලාපයට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ද කටයුතු සැලසුම් කර ඇත.














