අද (මැයි 16) අලුයම පොල්ගහවෙල සිට දකුණු කළුතර බලා ධාවනය වූ මන්දගාමී දුම්රිය කැළණිය සහ වනවාසල දුම්රිය ස්ථාන අතරදී පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබේ. අලුයම 5:45 ට පමණ සිදුවූ මෙම අනතුර හේතුවෙන් කාර්යාල දුම්රිය ඇතුළු කොළඹ දෙසට ධාවනය වන දුම්රිය රැසක් ප්‍රමාද වී ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.
මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණික කණ්ඩායම් මේ වන විටත් අදාළ ස්ථානයට ගොස් පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇත. දුම්රිය පීලි පැනීම හේතුවෙන් ගමන් වාර අවලංගු වීම හෝ ප්‍රමාද වීම පිළිබඳව විමසිලිමත් වන ලෙසත්, හැකි තාක් විකල්ප ප්‍රවාහන මාධ්‍ය භාවිත කරන ලෙසත් මගී ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.














